මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියා.

අද (30) රාත්‍රී 7.03ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් උතුරු දිසාව බලා ගමන් ආරම්භ කළ ඇසළ පෙරහර දළදා විදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවැදීම සිදු විය. ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහර නැරඹීමට පෙරහර ගමන් කළ මග දෙපස අති විශාල ජනතාවක් රැස්ව සිටියා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අමාත්‍ය වරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් සහ මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සහික ක්‍රිස් වැන් හොලන් (Chris Vitn Hollem) මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ද ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට එක්ව සිටියා.

WhatsApp Group

Skip to content