2023 ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා .

ඒ වත්මන් ආසියානු ශුර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මෙම අවසන් මහා තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකයේ නායකත්වයෙනුත් ඉන්දිය කණ්ඩායම රොහිත් ශර්මාගේ නායකත්වයෙනුත් අද තරගය සදහා එක්වනවා.

අද පැවැත්වෙන අවසන් මහා තරගය පිලිබදව වී නිව්ස් වෙත ප්‍රේක්ෂකයින් ද මෙලෙස අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/09/JANATHA-EDIT-.mp3?_=1

මේ අතර ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබු 11 වන අවස්ථාව මෙයවනවා.

ඉන්දිය කණ්ඩායම මේ දක්වා ආසියානු කුසලාන 07ක් දිනාගෙන ඇති අතර ශ්‍රී ලංකාව දිනාගෙන ඇති ආසියානු කුසලාන සංඛ්‍යාව 06ක්.

ආබාධයකට ලක්වු දග පන්දුයවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණට මෙම තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමී වුණා.

එමෙන්ම ඉන්දිය කණ්යමේ අක්ශර් පටෙල්ට මෙම අවසන් මහා තරගයට ක්‍රිඩා කිරීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content