නිපා වෛරසය පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ඇන්ටිජන් කට්ටල අවශ්‍ය වුවහොත් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම වෛරසය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවදානයෙන් පසුවන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අද දිනයේදී අන්තර්ජාලය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළා.

එමෙන්ම අද දිනයේදීත් කැබිනට් මණ්ඩලය රැස්වන අවස්ථාවේදී මෙම වෙරසය සම්බන්ධයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/09/KEHELIYA-RAMBUKWALLA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content