සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉදිම සදහා පන්දුවාර 25ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 61ක් රැස් කරගෙන සිටියා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 283ක්.

එහිදී එංගලන්ත ඉනිම ස්ථාවර කිරීම සඳහා අගනා ඉනිමක් ක්‍රීඩා කළ හැරී බෘක් පන්දු 91දී ලකුණු 85ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් ලකුණු 82ට කඩුළු 4ක් බිඳ හෙළීමටයි සමත් වුණේ.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 222ක් පිටුපසින් පසුවනවා.

WhatsApp Group

Skip to content