2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම සඳහා වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි.

එම අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06 දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවැත්වෙන අතර ජනාධිපතී රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වීමට නියමිතය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් ද ඊට සහභාගිවීමට නියමිතයි.

අලුත් සහල් මංගල්‍යය සඳහා ගොවි ජනතාව විසින් පරිත්‍යාග කරන 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත් අලුත් සහල් බාරගැනීම මෙම දිනවල දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථානවලින් සිදු කෙරේ. එම සහල් බාර ගැනීමේ අවසන් දිනය මාර්තු මස 25 වනදා බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙන්ම 2024 යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙම උත්සවයේ අරමුණ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

WhatsApp Group

Skip to content