කොළඹ වරාය නගර සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණා.

මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීමට මෙරට ජනතාවට සහ විදේශීය සංචාරකයින්ට අද සිට අවස්ථාව හිමිවනු ඇති.

දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වන මෙම කෘත්‍රීම වෙරළ තීරයේ ජනතාවට දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය.

මීට පෙර පෝර්ට් සිටි සංකීර්ණ තුළ ඉදිවූ ඇවිදින මංතීරුව ජනතාවට විවෘත කර තිබුණා. ඊට ආසන්නයේම අද විවෘත වූ මෙම කෘතීම වෙරළ තීරයද මෙරට ජනතාවට නවමු අත්දැකීමක් එක් කරනු ඇතියි.
මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද මහජනතාවට විවෘත කර තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාවට විදෙස් ආයෝජන ගෙන ඒමටද රුකුලක්වනු ඇතිබවටයි විස්වාස කෙරෙන්නේ.

WhatsApp Group

Skip to content