සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවන්නට තවත් පැය කිහිපයක කාලයක් ඉතිරිව තිබෙනවා.

මෙවර සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අද පස්වරු 2.41 ට ආරම්භ වුණා .

මේ අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 14 වනදා අලු‍යම 3.29 දක්වා පැවැත්වනු ඇති .

ඒ අනුව පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන් වනවා .

මේ අනුව සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද උදාවන්නේ, අද රාත්‍රී 9.05යි .

මේ අතර රාත්‍රි 11.06 ට නීලවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා ළිප් බැද ගිනි මොළවා තල, උක් හකුරු මිශ්‍ර කිරිබතක්ද ,තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියල කරගනු මැනවී.

මේ අනුව වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය පුර්වභාග 12.06 ටයි යෙදී ඇත්තේ.

WhatsApp Group

Skip to content