මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට යෙදෙන පැළ සිටුවීමේ නැකැත් දිනය මුරුංගා ජාතික දිනය ලෙස නම් කිරිමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

මෙරට මන්දපෝෂණය නැති කිරීමට මුරුංගා ශාඛයට හැකි වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසන්නේ.

ඒ අනුව එම නැකැත් චාරිත්‍රයට මුරුංගා ශාඛයක් රෝපණය කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content