අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා  යන මඟී ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් සේවා ලබන 10 සිට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මගී ජනයාගේ ඉල්ලුම අනුව කොළඹ සිට දිවයිනේ සියලු ප්‍රදේශවල ගමනාන්ත සඳහා මෙම විශේෂ බස් රථ යොදවන බවයි ඒ මහතා සදහන් කලේ.

එලෙස යෙදවිම සඳහා අවශ්‍ය තරම් බස් රථ පවතින බවයි ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.

මෙම විශේෂ බස් රථ අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු යටතේ  ධාවනයට එක්  කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content