අලුත් අවුරුදු උත්සව සමයේදී සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේ අදාළ කාලය තුළ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරන බවයි.
මේ අතර රතිඥ්ඥා හා ගිනිකෙළි භාවිතයෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ ජාතික අක්ෂි රෝහලේදී පැවැත් වුණා.
එහිදී අදහස් පළ කරමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ ගිණිකෙලි භාවිතය හැකිතාක් අවම කළ යුතු බවයි.

 

WhatsApp Group

Skip to content