අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා සලසා තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කලේ උත්සවය සමය වෙනුවෙන් බස් රථ 1,400ක් ධාවනයට එක්කිරීමට නියමිතව බවයි.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ එමෙනන්ම් උත්සවය සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමටයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන් . ජේ ඉඳිපොලගේ මහතා පැවසුවේ අප්‍රේල් 10 වනදා සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියන් දෙකක් අමතර ධාවනයට එක්කර ඇති බවය.
මේ අතර උත්සව සමයේ බීමත් රියදුරන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැටලීම වෙනුවෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කලා. වඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ අලුත් අවුරුදු සමයේ උත්සව සංවිධානය කිරීමේ දී සංවිධායකවරුන්ට ලබා දී ඇති උපදෙස් සහ නීති රීති අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බවයි.
උත්සව සමයේ සිදු කරනු ලබන අලුත් අවුරුදු උලෙල වලදී සවුක්ඛ්ය ආරක්ෂාව කෙරෙහි වැඩි අවදානයක් යොමි කල යුතු බවයි ප්‍රජා වයිධ්‍ය විසිසක්ච සමිත සිරිතුංග මහතා සඳහන් කලේ . බරපතල අනතුරක් සිදු වූ විට රෝගියා රෝහල් ගත කිරීමේ ප්‍රවාගන මාධ්‍ය ලෙස කිසි ලෙසකින්වත් ත්‍රිරෝධ රථ භාවිත නොකළ යුතු බවයි එම මහතා පවසන්නේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව සඳහන් කලා.
උත්සව සමයේදී ගිනි කෙළි නිසා සිදු වන අනතුරුවලින් සියයට දාහතක් අක්ෂි ආශ්‍රිතව සිදුවන බව ජාතික අක්ෂි රෝහල සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
කුඩා පිරිමි ළමයින් සහ තරුණයන් බහුතරයක් අනතුරට ලක්වන පිරිස අතර සිටිනා බවත් එම දත්ත අනුව වඩාත්ම අනතුරු සිදුවන්නේ රතිඤ්ඤාවලින් බවත් හෙළි වී ඇති බව සඳහන්.
රතිඤ්ඤාවල සේවනූල හෝ ඇතුළත නූල හෝ ඇතුළත කොටස් කඩා වෙනස් නොකළ යුතු අතර නොදැල්වුණු රතිඤ්ඤා කිසිවිටක යළි දැල්වීමක් සිදු නොකළ යුතු බවට ද ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ .