එළඹෙන උත්සව සමය මූලික කරගනිමින් දිවයිනම ආවරණය වන පරිදි වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් පමණ සේවයට යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම මේ දක්වා සිදුකළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.
උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආහාර නිෂ්පාදන ආයතනවල ආහාර සකස් කරන පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කර ඇති බවයි.