පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතා සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඒ් නීති විරෝධී අයුරින් රන් සහ ජංගම දුරකථන තොගයක් දිවයිනට රැගෙන ඒ්ම සිද්ධියට වරදකරුවීමේ සිදුවීම සම්බන්ධයෙනි.

කතානායකවරයා පවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරිපූර්ණ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දුන් බවයි.

පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අලි සබ්‍රී රහීම් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම කිරීමේ යෝජනවක් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ් අනුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිණිස මෙම වාර්තාව කැඳවා ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ.

 

 

WhatsApp Group

Skip to content