විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වනවා.

ඔහු ලබන 27 වැනිදා දක්වා එරට රැදී සිටීමට නියමිතයි.

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් අල් සවුද් ගේ ආරාධනයකට අනුව මෙය සිදු කෙරෙනු ඇති .

අලි සබි්‍ර මහතා සෞදි විදේශ අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

ඔහු ඉස්ලාමීය සංවර්ධන බැංකුව. ඉස්ලාමීය සහයෝගීිතා සංවිධානය, ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ නියෝජිතයන්, මක්කම සහ මදීනා අණ්ඩුකාරවරුන් හමුවිී සාකච්චා පවත්වනු ඇති .

WhatsApp Group

Skip to content