පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු පැමිණීම අද සිට මසක කාලයක් සදහා අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ප්‍රකාශ කළා.

කටුනායක ගුවන්තොටුපළ හරහා නීති විරෝධි ලෙස මෙරටට රත්‍රං ගෙන ඒමට තැත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මෙලෙස පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවා ඇති බවයි කතානායකවරයා සදහන් කළේ.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ සභාපතිවරයා විසින් පසුගිය ජනවාරි මස 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ ප්‍රකාරව මෙම අත්හිටුවීම සිදුකළ බවද මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content