පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අලි සංගණන කටයුතු කල් දැමිය යුතු බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ඩබ්.එල්.ඒ.ටී. සඳරුවන් මහතා පවසන්නේ මේ පිළිබඳව වනජීවී හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බවයි.
අදාළ වන අලි සංගණන කටයුතු හෙට ආරම්භ කිරීමටයි මින් පෙර තීරණය කර තිබුනේ,
අලි සංගණනය මගින් ලැබෙන දත්ත පදනම් කරගෙන වන අලි මිනිස් ගැටුම ඇතුළු වන අලි සම්පත ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට තිරසර විසඳුම් සෙවීමට නියමිතයි.

WhatsApp Group

Skip to content