අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
කෙටි කාලීන, මාධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කළා.
රෝගී වු අලි ඇතුන් සදහා ප්‍රථිකාර කිරිමට අවශ්‍ය පහසුකම් රටතුළ පවතින බව ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.

WhatsApp Group

Skip to content