අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්ය පවිත්රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
එමෙන්ම මෙරට වන ගහණය මුළු භූමි ප්රමාණයෙන් 32%ක් දක්වා වර්ධනය කිරීමේ ව්යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්යවරිය සඳහන් කළාය.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්ය පවිත්රාදේවී වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content