බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි එක්දින තරගයේ දී ඔහු අවසරයකින් තොරව ක්‍රීඩා භූමියෙන් පිටව යාමේ සිද්ධියකට අදාළවයි.

කොදෙව් කණ්ඩායමේ නායක ෂේයි හෝප් සමග ඇති වූ මතභේදයක් හේතුවෙන් අල්සාරී ජෝසප් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව තිබුණා.

කෙසේ වෙතත්, අදාළ සිද්ධියෙන් අනතුරුව අල්සාරි ජෝසප් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content