අල්ලස් ලබාගැනීමට තැත් කල උඩතලවින්න ක්වාසි උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ක්වාසි උසාවිය තුළදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට කාන්තාවකගෙන් රුපියල් 4,,500ක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

රජඇල්ල කුඹුක්කදුර ප්‍රදේශයේ පදිංචිකාරියක ඇගේ සැමියාගෙන් දික්කසාදවීම සඳහා උඩතලවින්න ක්වාසි උසාවියේ නඩුවක් පවරා ඇති අතර ඇයට අදාළ දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට සැකකාර ක්වාසි විනිසුරුවරයා මෙලෙස අදාළ කාන්තාවගෙන් අල්ලස් ලබා ගැනීමට තැත්කර තිබෙනවා.
එම කාන්තාව කල් පැමිණිල්ලක් මත අදාළ විනිසුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගත බවයි අල්ලස් කොමිසම සඳහන් කලේ.

WhatsApp Group

Skip to content