පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙකු රුපියල් 5,000 ක අල්ලසක් ලබාගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණා.

පසුව ඔහුව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙන්නේ පුත්තලම ක්වාසි උසාවියෙන් ලබා දී තිබූ දික්කසාද නඩු තීන්දුවකට අදාළ වූ දික්කසාද සහතිකයක් ලබාදීම සඳහායි.

WhatsApp Group

Skip to content