අල්ලස් චෝදනාවකට වරදකරු වු පොලිස් කොස්තාපල්වරයෙකුට වසර අටක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ.

වැලි ටිපර් රථ රියදුරෙකුගෙන් රුපියල් 2,000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට අදාළ පොලිස් නිලධාරිය වරදකරු වී තිබෙනවා.

මෙලෙස සිරදඩුවම් නියමව ඇත්තේ පිළියන්දල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුටයි.

අල්ලස් කොමිසම විසින් ගොනුකළ පැමිණිල්ලක් මත පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content