අල්ලස් ලබා ගැනීමට තැත්කළ පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා සැකකාර නිලධාරින් දෙදෙනා මෙලෙස අල්ලස් ඉල්ලා තිබෙන අතර එහි පළමු කොටස ලෙස රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබාගෙන ඇති බව සඳහන්.

එහි දෙවන කොටස ලෙස රුපියල් එක්ලක්ෂ පනස් හතරදහස් දෙසීයක මුදලක් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය තුළදී ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුනා.

WhatsApp Group

Skip to content