රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන්නේ නම් ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඇතැම් පුද්ගලයින් මින් පෙර රජයේ තනතුරු දරමින් සිටියදී රජය මගින් ලබාදුන් නිශ්චල සහ චංචල දේපොළ එම නිලතලවලින් ඉවත්වූ පසු නිත්‍යානූකූල නොවන ආකාරයට පරිහරණය කරන බවට පැමිණිලි රැසක් ලැබි ඇති බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.
.

ඒ අනුව එලෙස රාජ්‍ය දේපල පරිහරණය කරන්නේ නම් ඒවා කඩිනමින් ආපසු භාරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම අදාළ බලධාරීන් සිදුකළ යුතු බව සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා.

අමාත්‍යාංශය ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම රජයට අනුබද්ධ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් දැනුම්වත් කරමිනුයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content