පවතින අර්බුදකාරි තත්ත්වය තුළ ජනතාවට ලබා දිය හැකි හොදම විසදුම රජය විසින් ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රට තුළ පැවති අවිනිශ්චිතතාවය මේ වන විට ඉවත් කර ගැනීමට හැකි වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/SHEHAN-SEMASINGHE-EDIT-1.mp3?_=1

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සදහා සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ ඇති වැඩකරන ජනතාවගේ මුදල් භාවිත කිරීම අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2023/06/RANJITH-MADDUMABANDARA-EDIT.mp3?_=2

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ඒ තුළින් වැඩකරන ජනතාවට හානියක් සිදුවන්නේ නම් එයට සමගි ජනබලවේගය පක්ෂය විරුද්ධ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

මෙම ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරනු ලැබුවේ වැරදි ආකාරයෙන් බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/NALIN-BANDARA-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content