වෘත්තිය සමිති නියෝජිතයෙක් බවට පවසමින් පසුගියදා පැමිණි පිරිසක් සමග තමන් සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඔවුන් පැමිණියේ සිය පක්ෂවල දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට පමණක් බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රජයට ලබාගත් ණය නැවත ගෙවීමට හැකියාවක් නොමැති වුවහොත් එහි පළමු හානිය සිදුවන්නේ සේවක අර්ථසාධක අරමුදලට බවයි.

https://www.vnews.lk/storage/2023/09/NANDALAL-WEERASINGHE-EDIT-.mp3?_=1

සේවක අර්ථසාධක අරමුදල මහ බැංකු අධිපතිවරයා වෙතට පවරනු ලබන්නේ එම අරමුදලේ ආරක්ෂාවට වුවද මේ වන විට එම ආරක්ෂකයා විසින්ම සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමට ලක් කර ඇති බව අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා චෝදනා කරනවා.

https://www.vnews.lk/storage/2023/09/WASANTHA-SAMARASINGHA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content