බලංගොඩ, ඇල්ලේඅරාව “දිසිර” පෙර පාසලේ දරු දැරියන් සහ මව්පියන්ට අග්‍රාමාත්‍ය නිළ නිවස ‘‘අරලියගහ මන්දිරය’’ නැරඹීමට විශේෂ අවස්ථාවක් හිමි වුණා.

දරු දැරියන් හා දෙමාපියන් සාදරයෙන් පිළිගත් අරලියගහ මැදුරේ කාර්‍ය මණ්ඩලය එහි අතීතය හා වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කළා.

වසර 200 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම මන්දිරය 1856 වර්ෂයේ ජෝන් ෆිලිප් ග්‍රීන් විසින් සුවදවත් මලින් යුත් අරලිය ගස් පිරී ගිය උද්‍යානයක් ලෙස අලංකරණය කර ‘‘අරලියගහ මන්දිරය’’ ලෙස නම් කර තිබෙන බවයි සඳහන්.

මන්දිරය නැරඹීමට පැමිණි දරු දැරියන්ට සංචාරය සිහිගැන්වීම සඳහා පෙර පාසල් භූමියේ රෝපණය කිරීමට ඖෂධීය බුළු ශාකයක් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ  නිලන්ත අදිකාරි මහතා විසින් පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය අයෝමි කුමාරසිංහ මහත්මිය ඇතුළු දරු දැරියන් හට පිරිනැමුවා.

WhatsApp Group

Skip to content