2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිදු කෙරුණු අවසන් යාවත්කාලීන සහිත ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ නිවේදනය කළා.
ඒ අනුව විස්සයි 20 පිතිකරුවන් අතර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට එංගලන්ත නායක ජොස් බට්ලර් සමත්ව තිබෙනවා.
එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝව් 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ.
එමෙන්ම පාකිස්තානයේ ෆකාර් සමාන් ද පිතිකරුවන් අතර ස්ථාන 6කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට රැදී සිටින්නේ 51 වැනි ස්ථානයේයි.
මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් වන බ්‍රෙන්ඩන් කිංග් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 5කින් ද, ජොන්සන් චාර්ල්ස් 20 වැනි ස්ථානය දක්වා ස්ථාන 17 කින් ද, කයිල් මේයර්ස් 31 වැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.
එංගලන්තයේ රීස් ටොප්ලි 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.
පාකිස්තානයේ ශහීන් ශාහ් අෆ්රිඩි 11 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ.
හැරිස් රවුෆ් 25 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ඉමාඩ් වසීම් 38 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් ද, ඉදිරියට පැමිණ තිබෙනවා.

WhatsApp Group

Skip to content