රොෂාන් රණසිංහ මහතාව සිය අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යධුරය සඳහා හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙනවා .

එමෙන්ම පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියවයි පත්කර ඇත්තේ .

ඔවුන් දෙදෙනා මේ වනවිට දරනු ලබන අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ලැබුවා .

මේ අතර ඉතාමත් කඩිනමින් මෙරටට පනවා ඇති අයි සී සි තහනම ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ක්‍රීඩා යෞවන කටයුතු සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා .

ක්‍රීඩා අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/11/HAREEN-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content