අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයකු සමග සමීප සම්බන්දතා පැවැත්වූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණ එක් සහෝදරයකු පිට පළාතක ධීවර වරායක ද අනෙක් සහෝදරයා කොළඹ කන්ටේනර් අංගනයක ද සේවය කරන බවයි වාර්තා වී ඇත්තේ.

අත් අඩංගුවට ගත් මෙම සහෝදරයන් දෙදෙනා ද රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා .

WhatsApp Group

Skip to content