පොලිස් විශේෂ කාර්ය බළකාය නැගෙනහිර පළාතේ සෝදිසි මෙහෙයුම්වලට අදාළව වාලච්චේන සෙම්මන්නෝඩේ ගම්මානයේදී මත්ද්‍රව්‍ය වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 240ක්, කේරළ ගංජා ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 30ක්,මත්පෙති 2,950ක් සහ මුදල් රුපියල් 86,000ක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකාරිය සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාලච්චේන පොලීසියට භාරදී තිබේ.

WhatsApp Group

Skip to content