අයිස් මත්ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බයක් සමග පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද තිබී ඇති බව සදහන්.

මෙලෙස අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරින්ට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර එම පොලිස් නිලධාරින් දෙමෝදර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන ගොටුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව වැඩිදුර විමර්ශනය සදහා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content