පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැත්වුණා.

ඒ සඳහා එක් වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

රත්නපුර ප්‍රදේශයෙන් මරණ 05කුත්, මාතර ප්‍රදේශයෙන් මරණ 04කුත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් මරණ 03 මේ වනවිට වාර්තා වී ඇති බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම පුද්ගල අතුරුදන් වීම් 05ක් වාර්තා වන බවත් ඔහු සඳහන් කළා.

WhatsApp Group

Skip to content