පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පාසල් හතරක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

නායයාම් සහ ගංවතුර අවාදනම හේතුවෙනුයි මෙලෙස අදාළ පාසල් සදහා නිවාඩු ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව හොරණ අධ්‍යාපන කොට්ඨාශයේ බුලත්සිංහල හල්වතුර දෙමල විද්‍යාලය , පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලය මෙලෙස තාවකාලිකව වසා දමා තිබෙනවා.

එමෙන්ම මතුගම අධ්‍යාපන කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යාලයද ගංවතුර අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content