ඉදරි මාස කිහිපය තුළ මාලු මිල සීඝ්‍රයෙන් ඉහළ යන බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ජයකොඩි වික්‍රමආරච්චි මහතා පැවසුවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ධීවරයින්ට රැකියාවට යාමට නොහැකි වීම මෙයට හේතු වී ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද දැඩි සුළං සහිත අයහපත් කාළගුණය හේතුවෙන් ධීවර කටයුතු සීමා කරන ලෙසටයි ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content