පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා එකොලොස් දහසකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයින් අට දහසකට ආසන්න පිරිසකට ද බලපෑම් එල්ල වී ඇති බවයි එම මධ්‍යස්ථානය සදහන් කලේ .

මේ අතර මුලතිව් හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයන්ට අයත් යුද හමුදා නිලධාරීන් ජලගැලීම්වලින් කොටුවී සිටින ජනතාව මුදා ගැනීම් සිදුකරන අතර එලෙස මුදා ගන්නා පිරිස් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවෙත යොමු කර තිබෙනවා .

කෙසේවෙතත් පවතින වැසි තත්ත්වයෙහි අඩු වීමක් ලබන 22 වැනිදායින් පසුව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මේ බව සදහන් කලා .

https://www.vnews.lk/storage/2023/12/ATHULA-KARUNANAYAKA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content