අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ, කොට්ඨාස කිහිපයක පාසල් අද දිනය තුළ වසා තැබීමට තීරණය තිබෙනවා.

ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත සහ අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් අද දිනය තුළ ද වසා තැබෙනු ඇති.

රජයේ පාසල්වලට ලබා දෙන විශේෂ නිවාඩුවක් ලෙස සලකා අදාළ පාසල්වලට මෙලෙස නිවාඩු ලබා දී තිබෙනවා.

මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 36ක් අද දිනය තුළ වසා තැබෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර , හෝමාගම, හොරණ සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් 36ක් මෙලෙස වසා තැබෙනවා.

WhatsApp Group

Skip to content