දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 778කට අයත් පුද්ගලයන් 2872 දෙනෙක් පීඩාවට පත් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඉන් වැඩිම පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කලේ.

එම සංඛ්‍යාව 1,256ක්.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 977 දෙනෙක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 639 දෙනෙක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

WhatsApp Group

Skip to content