පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අධික වර්ෂාව, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 47 දෙනෙකු පීඩාවට පත්වී ඇති අතර නිවාස 11කට අර්ධ හානි සිදුවී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළා.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 04කට හානි සිදුවී ඇති අතර පුද්ගලයින් 21 දෙනෙකු පීඩාවට පත්වී තිබෙනවා.

කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් නිවසකට අර්ධ හානි සිදුවී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content