ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය ඊයේ(05) පරාජයට පත්ව තිබෙනවා.

වැඩි ඡන්ද 9කින් මෙලෙස 2024 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය පරාජයට පත්ව ඇති බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් අයවැය යෝජනා සභාව වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී උප සභාපතිවරයා ප්‍රමුඛ පාලක පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකුද මෙවර අයවැයට විරුද්ධව චන්දය ප්‍රකාශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

පොදුජන පෙරමුණ නියෝජනය කරන පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content