මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් හිමි නොවූ බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

රටේ ඩොලර් සංචිතය යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට මහ බැංකු අධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් අවස්ථා ගණනකදී ඉල්ලීම් කර ඇති බවයි ඔවුන් සඳහන් කර සිටියේ.

ඒ අනුව මෙවර අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි වාහන ආනයනකරුවන් අපේක්ෂා කළත් කිසිදු සහනයක් හිමි නොවූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

වසර හතරකින් වාහන ආනයනය කර නොමැති වීමෙන් පාරිභෝගිකයින් මෙන්ම වාහන ආනයනකරුවන් ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අතර මේ හේතුවෙන් ලක්ෂ හතරකට අධික පිරිසකට රැකියා අහිමි වී ඇති බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියා .

WhatsApp Group

Skip to content