සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 05ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය වර්ෂව හේතුවෙන් අතරහැර දැමුණු අතර, දෙවැනි තරගය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.

ඒ අනුව තරගාවලියේ 1ට බින්දුවක් ලෙස මේ වන විට එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content