අයර්ලන්තය සහ සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පවත්වන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

ඒ අනුව මෙම තරගාවලියේදී දෙරට අතර පැවෙත්වෙන පලමු එක් දින තරගය අද පස්වරු 3.15 ට බෙල්ෆාස්ට් හී සිවිල් සර්විස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන 2 වැනි සහ 3 වැනි එක්දින තරගය ලබන 18 වැනිදා සහ 20 වැනිදා ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙය ෂක්‍ක්‍ කාන්තා ශූරතාවලියට අයත් තරගාවලියක් වන බැවින්, එහි ප්‍රතිඵලයන් කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

WhatsApp Group

Skip to content