උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් මෙම වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාරගැනීමට ලබාදී තිබූ කාලය අනිද්දා දිනයෙන් අවසන් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50 බැගින් තෝරා ගෙන සිසුන් 5000 ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි.

අයදුම්පත් භාර ගැනීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බැවින් අනිද්දා දිනට පෙර එම අයදුම්පත්‍ර භාරදීමට කටයුතු කරන ලෙසටයි සුදුසුකම් ලැබූ සිසුන් වෙත ජනාධිපති අරමුදල දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content