පැරිස් ඔලිම්පික් උලෙළේ අමෙරිකාව අභිබවා පදක්කම් සටහනේ පෙරමුණ අත්පත් කරගැනීමට චීනය සමත්ව තිබෙනවා.

රන් පදක්කම් 31කට හිමිකම් කියන චීනය රිදී 25ක් හා ලෝකඩ 20ක් සමඟින් සමස්ත පදක්කම් 76ක් දිනාගෙන සිටිනවා.

ඊයේ වනවිට මෙහි පෙරමුණ හිමිකර ගනිමින් චීනය සමඟින් සටනක් දුන් අමෙරිකාව මේ වනවිට දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා

කෙසේ නමුත් ඔවුන්ද රන් පදක්කම් 30ක්, රිදී 38ක් හා ලෝකඩ 35ක් සමඟින් සමස්ත පදක්කම් 103කට හිමිකම් කියනවා.

මේ අතර ඔස්ටේ්‍රලියාව තෙවැනි ස්ථානය රැකගෙන සිටින අතර, ඔවුන්ගේ පදක්කම් ලැයිස්තුව රන් 18ක්, රිදී 15ක් හා ලෝකඩ 14ක් සමඟින් පදක්කම් 47කින් සැරසී තිබෙනවා.

WhatsApp Group

Skip to content