අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඉඩාලියා නිවර්තන සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

එය තුන්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස නම් කර තිබෙනවා.

ඉන් ෆ්ලොරීඩා ප්‍රාන්තයට සහ කියුබාවට දැඩි බලපෑම් එල්ල විය හැකි බවද සඳහන්.

මේ අතර හෙට දිනයේදී ඉඩාලියා සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇතු`ඵ වීමට නියමිත බවයි අමෙරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මේ අතර ෆ්රෑන්ක් ලින් නමැති සුළි කුණාටුවක් අමෙරිකාවේ නැගෙනහිර ප්‍රදේශයට ඇතු`ඵ විය හැකි බවට ද එරට කාලගුණික අංශ අනතුරු අඟවා තිබෙනවා.

හතරවන කාණ්ඩයේ සිළි කුණාටුවක් ලෙස එය නම් කර ඇති අතර එහි වේගය පැයට කිලෝමිටර 145 ක් වනු ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content