අමෙරිකාවේ සහල් අලෙවි කරන සුපිරි වෙළදසැල් ඉදිරිපිට ඉන්දීය ජාතිකයින් ඇතුඵ ආසියාතිකයින් දිගු පෝලිම්වල රැඳී සිටින බව වාර්තා වනවා.

ඉන්දියාව විසින් විදේශීය රටවලට සහල් අපනයනය කිරීම තහනම් කිරීමත් සමග මෙම පෝලිම් හටගෙන ඇති බව සදහන්.

ඉන්දීය රජය විසින් දේශීය සහල් සැපයුම ස්ථාවර කිරීමේ අරමුණින් විදේශීය රටවලට බාස්මති සහල් හැර සෙසු සුදු පැහැති සහල් වර්ග අපනයනය තහනම් කර තිබෙනවා.

මේ හේතුවෙන් ඉන්දීය ජාතිකයින් සහල් මලු තොග වශයෙන් මිලදී ගැනීමත් සමග අමෙරිකාවේ සුපිරි වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවටයි විදෙස් වාර්තා පවසන්නේ.

WhatsApp Group

Skip to content