අමෙරිකා සම්බාධක ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

අමෙරිකාව පනවා ඇති සම්බාධක අනුව එක් එක් හමුදා ඒකකවලට ලබා දෙන ආධාර කපා හැරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.

ඊට එරෙහිව සම්පුර්ණ ශක්තිය යොදා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරනවා.

ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරු රටක් වන ඇමරිකාව මීට පෙර කිසි දිනක ඊශ්‍රායල හමුදාවලට ලබා දෙන ආධාර අත්හිටුවා නැහැ.

කෙසේ වෙතත් අමෙරිකාවේ සම්බාධක පැනවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න පිලිබඳ ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

WhatsApp Group

Skip to content