අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපලින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණක් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

WhatsApp Group

Skip to content