අමෙරිකාවට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ පුද්ගලියින් මිලියන 93ක් පීඩාවට පත්ව තිබෙනවා.

අධික උණුසම පිළිබද නිරිත දිග සිට වොෂින්ටන් ප්‍රාන්තය දක්වා අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උණුසුම් කාලගුණ තත්වය ෆ්ලොරිඩා, ටෙක්සාස්, කැලිෆෝනියා වැනි ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

මෙම ප්‍රදේශවල උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 43 ක් ලෙසයි.

දිවා කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් දක්වා ඉහළ යා හැකි බවටද ඇමරිකානු ජාතික කාලගුණ සේවය අනතුරු අගවා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content